නවසීලන්ත අගමැතිනී ඔස්ටේ්‍රලියාවට – සංක්‍රමණ ගැටලු ගැන සාකච්ඡා

ඇන්තනී ඇල්බනීස් රජය යටතේ ඔස්ටේ්‍රලියාවට පැමිණි පළමු රාජ්‍ය නායකයා බවට පත්වෙමින් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් මෙරටට පැමිණ තිබෙනවා.

දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා අද පැවැත්වෙන අතර එහි ප්‍රමුඛස්ථානයක් ගනු ඇත්තේ අපරාධකරුවන් පිටුවහල් කිරිම සම්බන්ධ කරුණු බව සඳහන්.

2014 වසරේ සිට මේ දක්වා විවිධ අපරාධවලට සම්බන්ධ නවසීලන්ත ජාතිකයන් 2000 කට වැඩි පිරිසක් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කර තිබෙනවා.

ඊට අමතරව චීන බලපෑම් පිළිබඳවද ඔස්ටේ්‍රලියා – නවසීලන්ත රාජ්‍ය නායකයන් අදහස් හුවමාරු කරගැනීමට නියමිතව තිබෙනවා.

ජසින්ඩා ආර්ඩර්න් සහ ඇන්තනී ඇල්බනීස් අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්විමටද නියමිතයි.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »