ලබන පළමුවනදා සිට ක්වීන්ස්ලන්ඩ් රථවාහන වැරදි දඩ මුදල් ඉහළට

ලබන පළමුවනදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රථවාහන වැරදි දඩ මුදල් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ආසන පටි නොපළඳින හෝ වැරදියට පැළඳ සිටින පුද්ගලයෙකුට ඩොලර් 1000 ක දඩයක් නියම කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

ඊට අමතරව අප්‍රසාද ළකුණු (demerit points) 04 ක් ද පිරිනැමෙනු ඇති.

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළදී ආසන පටි නීතිය කඩ කල පුද්ගලයන් 30,000 ක් පමණ පොලිසිය විසින් වටලනු ලැබූ අතර ඔවුන්ගෙන් අය කරගත් මුදල ඩොලර් මිලියන 12 කට ආසන්නයි.

මෙයින් සැළකිය යුතු පිරිසක් කුඩා ළමුන් ඉදිරිපස අසුනේ තබාගෙන ගමන් කිරීමද අනතුරුදායක තත්වයක් බවයි ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පෙන්වා දෙන්නේ.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »