යළි සේවයට එන NSW කාන්තාවන්ට $ 5000 ක දීමනාවක්

නැවත සේවක බලකායට එක්වන කාන්තාවන් වෙනුවෙන් ඩොලර් 5000 ක උපරිමයක් දක්වා වන දීමනාවක් ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඉදිරි ප්‍රාන්ත අයවැයෙන් මේ සඳහා ඩොලර් මිලියන 32 ක මුදලක් වෙන් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

පළමු අධියරේදී කාන්තාවන් 6000 ක් සඳහා මෙම දීමනාව හිමිවනු ඇති.

කොවිඩ් තත්වය හමුවේ රැකියා අහිමිවී නැවතත් සේවයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට මෙමගින් සහනයක් ලැබෙන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පෙන්වා දෙන්නේ.

පසුගිය අයවැයෙන් මෙම ව්‍යාපෘතිය පලමුවෙන් ආරම්භ වූ අතර ඩොලර් 1500 බැගින් කාන්තාවන්ට ලබාදීම සඳහා ඩොලර් මිලියන 10 ක මුදලක් වෙන් කෙරුණා.

අවම වශයෙන් මාසයක් රැකියා අහිමිවී සිටි සහ මාස 06 ක් ඇතුළත නව රැකියාවකට යාමට සූදානම් කාන්තාවන් මේ සඳහා සුදුසුකම් ලබන අතර ජූලි 01 වනදා සිට අයදුම්පත් භාර ගැනීමට නියමිතයි.

 

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »