ලංකාවට උදව් කරන්න ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයන් පෙරට

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදෙන ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා සහය වන්නැයි මේ දිනවල තරග සංචාරයක නිරත ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයන් ඉල්ලීමක් කරනවා.

ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය – රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව ක්‍රියාත්මක ඒකාබද්ධ මානුෂීය සහන වැඩපිළිවෙල යටතේයි.

ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයන් වන ස්ටීව් ස්මිත් සහ මිචෙල් ස්ටාර්ක් මේ පිළිබඳ පැහැදිලි කර සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවිඩයක්ද නිකුත් කර තිබෙනවා.

ලබන සැප්තැම්බර් මාසය දක්වා මානුෂීය සහනාධාර වෙනුවෙන් ඩොලර් මිලියන 47.2 ක මුදලක් රැස්කර ගැනීමයි මෙම ප්‍රයත්නයේ මූලික අරමුණ වන්නේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර කොළඹ පිහිටි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

https://srilanka.embassy.gov.au/clmb/ResponseSupportforSriLankaEconomicCrisis.html

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකිකයෙකුට පහර දුන් බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුට දඬුවම්

අපරාධකරුවෙකු ලෙස වරදවා වටහාගෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට පහර දුන් එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන්න ඩොලර් මිලියන 925ක්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රචණ්ඩත්වය අත්හැරීමේ වැඩසටහන ස්ථාපිත කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 925ක් යෙදවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

Read More »

කාන්තා හිංසන ගැන කතා කරන විශේෂ කැබිනට් රැස්වීම අද

ඔස්ට්‍රේලියාවේ දැඩි කතා බහකට ලක්වී ඇති කාන්තා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා.

Read More »