
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ සහ බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය කිරීමේ නියෝගය ඉවත් කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නිකුත් කර ඇති නියමයක දැක්වෙන්නේ කිසියම් අයෙකුට ශ්වසන
රෝග ලක්ෂණ පවතී නම් මුව ආවරණ භාවිතය වඩාත් යෝග්‍ය බවයි.

කිසියම් අයෙකුට ස්වකැමැත්තෙන් මුව ආවරණ භාවිතයට කිසිදු බාධාවක් නොමැති බව අදාළ නියමයේ සඳහන්.
මේ අතර නිරීක්ෂණාත්මක පරීක්ෂණයක් (screening test) ලෙස පී සී ආර් හෝ රැපිඩ් පරීක්ෂණ සිදු නොකල යුතු බවද අසේල ගුණවර්ධන මහතා සඳහන් කලා.
