Search

එරොෆ්ලොට් තහනම් නියෝගය අත්හිටුවයි

පසුගිය දෙවැනිදා රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයට මෙරටින් පිටවීම තහනම් කරමින් නිකුත් කල අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියම කලා.

වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග යි නියෝගය ලබාදුන්නේ.

මෙම වාරණය ඉවත් කරන ලෙස නීතිපතිවරයාද අද අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

මගීන්ට සිදුවූ අපහසුතාවත්, ජාතික ආර්ථිකයට ඇතිවූ හානියත්, අදාළ අධිකරණ තීන්දුව පිළිබඳව ඇති නීතිමය පසුබිමත් සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්වය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම මෝසම ගොණු කරන බවයි එහි දක්වා ඇත්තේ.

උද්ගත වූ තත්වය හමුවේ රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වාණිජ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද එරෝෆ්ලොට් ගුවන් සමාගම මේ වනවිට පියවර ගෙන තිබෙනවා.