Search

වික්ටෝරියා රෝහල්වල හදිසි අංශවල දැඩි තදබදයක් / ඇතැම් රෝගීන් පැය 08 – 10 ත් අතර බලාසිටී

සේවක හිගය ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් වික්ටෝරියා හි රෝහල්වල හදිසි අංශ (emergency departments) වල දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.

ඇතැම් රෝගීන්ට පැය 08 – 10 ත් අතර කාලයක් පවා බලාසිටීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Nurse on Call ක්ෂණික ඇමතුම් සේවාව පවසන්නේ දිනකට ඇමතුම් 1000 කට වැඩි සංඛ්‍යාවකට පිළිතුරු දීමට සිදුව ඇති බවයි.

ගතවූ මාසය තුළදී ඇමතුම් 50,000 කට පමණ ප්‍රතිචාර දැක්වීමට සිදුවූ බවත් ඔවුන් සඳහන් කලා.

ඇතැම් රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල් කිහිපයකට යොමුවූ අවස්ථාද දක්නට ලැබෙනවා.

ළමා රෝහල්වල පවා මෙම තත්වය උද්ගත වී තිබෙනු දක්නට හැකියි.