සිඩ්නි පාස්පෝට් පෝලිම අදත් – ඇතැමුන් පැය 06 ක් පෝලිමේ

ජාත්‍යන්තර දේශ සීමා විවෘත කිරීමත් සමග දිනකට ලැබෙන විදේශ ගමන් බලපත් අයදුම්පත් සංඛ්‍යාව 10,000 ත් 12,000 ත් අතර ඉහළ අගයක් ගෙන ඇතැයි විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් එහි සාමාන්‍ය අගය 7,000 ත් 9,000 ත් අතර බවයි විදේශ දෙපාර්තමේන්තු ප්‍රකාශිකාවක සඳහන් කලේ.

සිඩ්නි ඇතුලු ගමන් බලපත්‍ර කාර්යාල රැසක අද දිනයේත් දැඩි පෝලිම් තත්වයක් දක්නට ලැබෙනවා.

ඇතැමුන්ගේ චෝදනාව වන්නේ දුරකථනයෙන් හෝ බළධාරීන් සම්බන්ධ කරගත නොහැකි තත්වයක් පවතින බවයි.

සාමාන්‍යයෙන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ අලුත් කරගැනීමට යන කාලය සති 04 ත් පමණ වුවද මේ වනවිට එය සති 06 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනතාවගේ චෝදනාව වී ඇත්තේ.

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »