Temporary Graduate වීසා වෙනස්කම් රැසක් – රැඳී සිටිය හැකි කාලයත් දිගු කෙරේ

Temporary Graduate (වීසා කාණ්ඩ 485) යටතේ පාඨමාලාවෙන් පසු ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව මාස 18 සිට මාස 24 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම පුහුණු නිපුණතා ලැයිස්තුවේ (skills occupation list) ඇතුළත් රැකියාවක් ඔවුන් විසින් යෝජනා කරනු ලැබීමේ අවශ්‍යතාවයද ඉවත් කර ඇති බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ඒ අනුව skills assessment අවශ්‍යතාවයද ඉවත් වනු ඇති.

ලබන ජූලි පළමුවනදා සිට මෙම වෙනස්කම් බලාත්මක වනවා.

කෙසේවෙතත් 2022-2023 කාලසීමාවෙන් පසුවත් මෙම සංශෝධන බලාත්මක වන්නේදැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෙතෙක් නිල තොරතුරක් ප්‍රකාශයට පත් කර නැහැ.

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »