NSW සෞඛ්‍ය සේවකයන් සඳහා $ 3000 ක දීමනාවක්

DOLLAR-MONEY.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් සඳහා ඩොලර් 3000 ක එක් වරක් පමණක් ගෙවන ප්‍රසාද දීමනාවක් ගෙවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගත සමයේ ඉදිරිපෙළ සේවකයන් ලෙස කටයුතු කරමින් කල මෙහෙවර අගය කිරීම සඳහා එය ලබාදෙන බවයි ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ අද නිවේදනය කලේ.

මීට අමතරව සෞඛ්‍ය සේවකයන් ඇතුලු පොදු සේවා රාජකාරිවල නිරත අංශ කිහිපයක සේවකයන්ට ඉදිරි වසරවලදී වැටුප් වැඩිවීම් ලබාදීමටද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේදී සියයට 03 ක් සහ ලබන වසරේදී සියයට 3.5 ක් ලෙස වැටුප් වර්ධක දීමයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සැළසුම වන්නේ.

කෙසේවෙතත් අගමැතිවරයා විසින් මෙම අදහස් පළකරන්නේ වැඩි වැටුප් ඉල්ලා නිවු සවුත් වේල්ස් හි සේවකයන් ලක්ෂ 04 කට ආසන්න පිරිසක් වැඩවර්ජන සඳහා එළඹෙන බවට අනතුරු ඇගවීමත් සමගයි.

ප්‍රාන්තයේ සෞඛ්‍ය ශ්‍රම බලකායට ඉදිරි වසරවලදී අමතර සේවකයන් 10,000 ක් පමණ බඳවා ගැනෙන බවද නිවු සවුත් වේල්ස් අගමැතිවරයා සඳහන් කලා.

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »