Search

ඔස්ටේ්‍රලියාව තුළ එළවලු – පළතුරු මිළ ඉහළට / හෙට සිට නැවතත් පොළී අනුපාත වැඩිවන ළකුණු

ඔස්ටේ්‍රලියාව තුළ ආහාර ඇතුලු සියලු අත්‍යවශ්‍ය ආහාර මිළ ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මෙම වසරේ මුල් මාස 03 දී එළවලු මිළ සියයට 6.6 කින් – පළතුරු මිළ සියයට 4.9 කින් සහ කෝපි මිළ සියයට 50 කින් වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

ඉදිරි මාස 12 දී මෙම තත්වය තවත් ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.

රුසියානු – යුක්රේන යුද්ධය සහ නිවු සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ඩ් වෙත බලපෑ ජල ගැලීම් හමුවේ අස්වැන්න අඩුවීම මීට ප්‍රධාන හේතුවයි.

මේ අතර සංචිත බැංකුව විසින් හෙට සිට නැවතත් පොළී අනුපාත ඉහළ දැමිමට සූදානම් වන බවට වාර්තා පළවනවා.

ආර්ථික විශේෂඥයන් අනාවැකි පළකරන්නේ සියයට 0.25 සිට 0.4 දක්වා අගයකින් එය ඉහළ යනු ඇති බවයි.

ඒ අනුව ගෙවිය යුතු උකස් ණය ඇතුලු සියලු වාරික වැඩිවනු ඇති බව ද සඳහන්.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »