ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 700 ක්

කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් පිරිනමන දීර්ඝ කාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහය මෙරටට ලබා දෙන ලෙස අමාත්‍ය පීරිස් මෙහිදී ඉල්ලා සිටියේ ය.

ඉදිරි අයවැය ප්‍රකාශයට පත් කිරීමේ දී අයවැය හිඟය අවම කරගැනීම හේතුවෙන් මතුවන අභියෝගවල බරපතලකම පිළිබඳව ද එතුමා අවධාරණය කළේ ය.

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුව ලබා දෙන කෙටි කාලීන මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව අගය කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

තම කාර්යාලය ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනෙකුත් සංවිධාන සමඟ ද කටයුතු කරන බවත්, ඔවුන් මේ වන විට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ‘ප්‍රතිව්‍යුහගත’කරන ලෙස ඉල්ලමින් මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන් දිරිමත් කරන බවත් ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය ප්‍රකාශ කළා ය.

ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බවද එතුමිය ප්‍රකාශ කළා ය.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »