Update : මුරුගප්පන් පවුල Bileola නගරයට / වැඩ බලන ස්වදේශ ඇමති අනුමැතිය දෙයි

වසර කිහිපයක් පුරා ඔස්ටේ්‍රලියාව තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලට ඔවුන් පෙර සිටි නගරයේම නැවත පදිංචිවීමට වත්මන් ලේබර් පාලනය අවසර දී තිබෙනවා.

මුරුගප්පන් පවුල නමින් ජනප්‍රිය මෙම පවුලේ පියා සහ මව ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ බෝට්ටු මාර්ගයෙන් එරටට පළාගොස් තිබුණා.

පියා එල් ටී ටී ඊ හිතවාදියෙකු බවයි පසුව අනාවරණය වූයේ.

ඔස්ටේ්‍රලියාවේදී තාවකාලික වීසා මත සිටි මොවුන් දෙදෙනා පසුව විවාහවූ අතර දියණියන දෙදෙනෙකු ලබා තිබුණා.

කෙසේවෙතත් පැවති ලිබරල් රජයේ දැඩි සංක්‍රමණ නීති හමුවේ මොවුන්ගේ සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේපවීමෙන් පසු ක්‍රිස්මස් දූපතේ පිහිටා ඇති රැඳවුම් කඳවුර වෙත මාරු කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

එහෙත් අවසාන මොහොතේදී එය වැළකී ගියේ මානව හිමිකම් සංවිධාන විසින් කල කරුණු දැක්වීමක් සැළකිල්ලට ගෙන අධිකරණය දුන් නියෝගයක් අනුවයි.

පසුව මෙම පිරිස නැවතත් ක්‍රිස්මස් දූපතට රැගෙනවිත් තිබුණේ ගුවන් යානයද ආපසු ගොඩබැස්වීමෙන් පසුවයි.

ඉන් කලකට පසු මෙම පවුලේ බාලම දැරිය අසනීප තත්වයක් හමුවේ පර්ත් නගරයට ගෙන ඒමත් සමග මෙම ලාංකික ද්‍රවිඩ පවුල පිළිබඳ දැඩි කථාබහක් නිර්මාණය වුණා.

පසුගිය ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මැතිවරණයේදීත් එය ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූ අතර ලේබර් පක්ෂය දන්වා සිටියේ මැතිවරණයේදී තමන් ජයගතහොත් මෙම පවුලට නැවතත් ඔවුන් පළමුවෙන් පදිංචි වී සිටි ක්වීන්ස්ලන්ඩ් හි බිලෙයෝලා නගරයට පැමිණිමට අවසර දෙන බවයි.

ඒ අනුවයි වැඩ බලන ස්වදේශ අමාත්‍ය ජිම් චාමර්ස් විසින් ඊට අදාළ අවසන් අනුමැතිය අද ලබා දී ඇත්තේ.

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »

වසර 06 ක් පුරා සේවකයන්ට අඩු වැටුප් ගෙවා ඇතැයි UNSW ට එරෙහිව විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය හෙවත් UNSW ට එරෙහිව සේවක වැටුප් නොගෙවීමේ චෝදනා මත Fairwork ඔම්බුඩ්ස්මන් කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »