02 වන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක්

බංග්ලාදේශයට එරෙහි 02 වන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක් හිමිවුණා.

මේ අනුව තරගාවලි ජයත් 1-0 ක් ලෙස හිමිවූයේ ශ්‍රී ලංකාවටයි. ඩකා හි පැවති තරගයේ බංග්ලාදේශයේ පළමු ඉණිම ළකුණු 365 යි. මුෂ්ෆිකර් රහීම් නොදැවී 175 යි.

ලිටන් දාස් 141 කට දැවී ගියා. කසුන් රාජිත ළකුණු 64 කට කඩුලු 05 ක්ද අසිත ප්‍රනාන්දු ළකුණු 93 කට කඩුලු 04 ක් ද බිඳහෙලුවා.

ශ්‍රී ලංකාව පළමු ඉණිමට සියල්ලන් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 506 ක්. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 145 ක් ද දිනේෂ් චන්දිමාල් 124 ක්ද රැස්කලා.

ශකිබ් අල් හසන් ළකුණු 96 කට කඩුලු 05 ක් බිඳහෙලුවා. බංග්ලාදේශ 02 වන ඉණිම ළකුණු 169 කට සීමාවුණා. අසිත ප්‍රනාන්දු ළකුණු 51 කට කඩුලු 06 ක් දවාගත්තා.

තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ළකුණු 29 ක්.

එය පන්දුවාර 03 කදී කිසිදු කඩුල්ලක් නොදැවී සපුරා ගැනීමටයි ඕෂධ ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න සමත්වූයේ.