
වත්මන් ලේබර් රජය අසාර්ථක වනු ඇතැයි හිටපු ආරක්ෂක අමාත්‍ය පීටර් ඩට්න් පවසනවා.
ලිබරල් පක්ෂයේ නායකයා මෙන්ම විපක්ෂ නායකයා ලෙසද පත්වීමට ඉගි පළවී ඇති ඔහු පෙන්වා දෙන්නේ ලේබර් පක්ෂය බලයට පත්වී දින කිහිපයක් තුළ බදු වැඩි කිරීම් සහ විදුලි බිල් ගාස්තු ඉහළ යෑමද මේ වනවිටත් සිදුවී ඇති බවයි.
පවතින ප්‍රවණතා සළකා බැලීමේදී ඉදිරි කාලය තවත් අසීරු වනු ඇති බවයි පීටර් ඩට්න් අනාවැකි පළකරන්නේ.

එමෙන්ම සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ලේබර් පක්ෂය ඉතා ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන බවටත් ඔහු චෝදනා කර සිටියා.
