හෙට වැඩට එන්න එපා – අපි පඩි ගන්නේ නෑ

ඉන්ධන අර්බුදය හමුවේ හෙට දිනයේදී සේවයට පැමිණීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සියලු සේවකයන්ට

දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

එමෙන්ම අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසයි ඔහු සාමාන්‍ය ජනතාවගෙන්ද ඉල්ලා සිටියේ.

නව ඇමති මණ්ඩලය ඇමති වැටුප් ලබා නොගැනීමට තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එමෙන්ම ඇමති වරප්‍රසාද භාවිතය අඩු කිරීමටද ඔවුන් තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ.

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »

සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්

වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන 1.2ක දඩ මුදලක් පනවා තිබෙනවා.

Read More »