මඩකලපුවෙන් හොර පාරෙන් ඔස්ටේ්‍රලියා යන්න ගිය 21 ක් අල්ලයි

මඩකලපුවේ සිට ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට සූදානම් වී සිටි 21 දෙනෙකු අද උදේ නාවික හමුදාව විසින් අල්ලා කාත්තාන්කුඩි පොලිසියට බාර දී තිබෙනවා.

පුදුකුඩියිරුප්පු මුහුදෙන් ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට සූදානම් වී සිටියදී ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට පත්වුවන්ගෙන් සිව්දෙනෙකු කාන්තාවන්.

ඔවුන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.