නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් පන් ලක්ෂයක ආහාර ආධාර

ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින මෙරට ගොවීන්ට සහය වීමට සහ අවදානම් කාණ්ඩයේ ළමයින්ට ආහාර ලබාදීම සඳහා නවසීලන්ත

ඩොලර් 500,000ක මූල්‍යාධාරයක් පිරිනමන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා.

නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සටහන් කළේ එම මූල්‍යාධාරය ලෝක ආහාර

වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.

මෙමගින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වසර 30 කට අධික කාලයක් පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වන බවත්, එම

කාලය තුල නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවට නවසීලන්ත ඩොලර් මිලියන 25.07ක සංවර්ධන ආධාර ලබා දී ඇති බවත් ඇය සිහිපත් කළා.

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

සිඩ්නි සහ බ්‍රිස්බේන් ගුවන්තොටුපලවලින් මගීන්ට දැනුම්දීමක්

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවයේ ගුවන් ගමන් අවලංගු කිරීම හමුවේ එම ගුවන් යානාවල ආසන වෙන් කර ගත් මගීන්ට අද සහ හෙට ගුවන් තොටුපළට නොයන ලෙසට බ්‍රිස්බේන් සහ සිඩ්නි ගුවන් තොටුපළ දැනුම්දී තිබෙනවා.

Read More »