කොටස් වෙළඳපොල උඩට – ඩොලරය පහළට

ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී තිබුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු රැසක් එම බැංකුවල ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවිවල අද ප්‍රසිද්ධ කර තිබුණි.

ඇමරිකානු ඩොලරයේ අද (13) දිනයේ විකුණුම් මිල රුපියල් 364.98 ක් බවත් ගැණුම් මිල රුපියල් 355.01 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (12) රුපියල් 380 ක්ව පැවතුණි.

කොළඹ කොටස් වෙළඳපොල දර්ශක අද (13) කැපී පෙනෙන ලෙස ඉහල  ගියේය.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 343.79 ලෙස සටහන් වූ අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 4.43 ඉහල යාමකි.

එස් ඇන්ඩ් පී එස්එල්20 දර්ශකය ඒකක 132.14 ලෙස සටහන් වූ  අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 5.22 ඉහල යාමකි.

අද(13) කොටස් වෙළඳපොල සමස්ථ පිරිවැටුම රුපියල් බිලියන 2.18 ක් විය.

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »