Search

ගෝඨාගෝගම ට අත නොතබන බව රනිල් කියයි

තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය පවතින බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

නව ධුරයේ දිව්රුම්දීමෙන් පසු හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ අවශ්‍ය අවස්ථාවේදී බහුතරය පෙන්වීමට සූදානම් බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිය ගොඩගත යුතු අතර ඉදිරි මාස කිහිපය මීටත් වඩා දුෂ්කර වනු ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.

නව අමාත්‍ය මණ්ඩලයක් ඉදිරි දින කිහිපය තුල පත්කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

කෙසේවෙතත් අමාත්‍ය ධුර ප්‍රමාණය පිළිබඳ තීරණය කර නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ගාලු මුවදොර අරගල භූමිය පිළිබඳ මාධ්‍යවේදීන් මෙහිදී නව අගමැතිවරයාගෙන් ප්‍රශ්ණ කළ අතර ඔහු එහිදී ඊට පිළිතුරු දෙමින් කියාසිටියේ ගෝඨාගෝගම අරගල භූමියට අත නොතබන බවයි.