ඥානඅක්කා ගේ නිවස, දේවාලය සහ හෝටලයට ගිනි

අනුරාධපුර ඥානඅක්කා නමින් ප්‍රසිද්ධ කාන්තාවගේ නිවසට, දේවාලයට සහ හෝටලයට අද අලූයම් කාලයේදී කඩා වැදුණු අරගලකරුවන් ඒවාට ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබෙනවා.

අද අලූයම 1ට පමණ පළමුව ඥානක්කාගේ නිවසට කඩා වැදුණු පිරිසක් නිවසේ බඩු බාහිරාදියද ගම්වාසීන්ට බෙදා දී ඇතැයි සඳහන්.

පසුව නිවසට ගිනිතැබීම සිදුකර ඇති අතර නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ඉන්පසුව දේවාලයට කඩා වැදුණු අරගලකරුවන් එහිදී ආගමික පිළිම කිසිවකටත් හානි සිදු නොකර සෙසු දේපලවලට පමණක් හානි කර ඉවත්ව තිබෙනවා.

ඥානක්කාගේ බවට සැලකෙන හෝටලයට කඩාවැදුනු අරගලකරුවන් විසින් හෝටලයේ සියලූම දේපල කඩා විනාශ කොට ගිනිතබා ඇති බවද සඳහන්.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »