රනිල් ගේ නිවස ඉදිරිපිට විරෝධතා 02 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

රනිල් ගේ නිවස ඉදිරිපිට විරෝධතා 02 ක්

රනිල් ගේ නිවස ඉදිරිපිට විරෝධතා 02 ක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතා 02 ක් පැවැත්වුණා.

ඉන් පළමුවැන්න පැවැත්වුණේ ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බල කරමිනුයි.

දෙවැන්න පැවැත්වුණේ වික්‍රමසිංහ මහතාට සහය පළකරමිනුයි.

ඔහුගේ නායකත්වයෙන් යුත් රජයක් පිහිටුවිය යුතු බව එහිදී අවධාරණය කෙරුණා.

මෙම විරෝධතා 02 සඳහාම සැළකිය යුතු පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබුණා.

මේ අතර ට්විටර් සටහනක් තබමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කලේ උද්ඝෝෂකයන්ට තමා හමුවීමට අවශ්‍ය නම් ලබන සඳුදා දිනයේදී සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ තමා හමුවිය හැකියැයි රනිල් වික්‍රමසිංහ දන්වා ඇති බවයි.

COMMENTS