ආණ්ඩුවට සහ ජනපතිට එරෙහි විශ්වාසභංග 02 කතානායකට

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකවරයාට අද බාරදුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් ගේ නම යෝජනා කළ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති කණ්ඩායම් රැස්වීමේදී තමන් එම යෝජනාව සිදුකළ බව රාජකරුණා පැවසීය.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඉමිතියාස් බාකිර් මාකර් පත් කිරීම සම්බන්ධයෙන් කණ්ඩායම් රැස්වීමේදී කිසිවකුත් විරෝධය පළ නොකළ බවත් ඔහු කීවේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඉමිතියාස් බාකීර් මාකාර් එකගනම් පමණක් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවත් හර්ෂණ රාජකරුණා තවදුරටත් පැවසීය.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »