අගමැති සහ විපක්ෂ නායක අතර 02 වන විවාදය ලබන සතියේදී – AusLanka TV – Australian News for the Sri Lankan community

අගමැති සහ විපක්ෂ නායක අතර 02 වන විවාදය ලබන සතියේදී

අගමැති සහ විපක්ෂ නායක අතර 02 වන විවාදය ලබන සතියේදී

ෆෙඩරල් මැතිවරණයට සමගාමීව අගමැති ස්කොට් මොරිසන් සහ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් අතර 02 වන විවාදය ලබන සතියේදී පැවැත්වෙනු ඇති බවට අනාවැකි පළවනවා.

කෙයාර්න්ස් හි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීද අගමැති මොරිසන් මේ පිළිබඳ ඉගියක් පළකර තිබුණා.

විපක්ෂ නායකවරයා මේ වනවිට කොවිඩ් වැළඳී හුදකලා කර සිටින අතර බොහෝ දුරට ලබන සතියේදී ඔහු හුදකලාභාවයෙන් මුදා හැරෙනු ඇති.

මේ අතර වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න ගණනාවක් අගමැති මොරිසන්ට මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.

ගෝලීය අර්බුද හමුවේ හැකි උපරිමයෙන් ජනතාවට සහන සලසා ඇති බවයි ඔහු අවධාරණය කලේ.

එමෙන්ම ඉදිරි දිනවල පොලී අනුපාත ඉහළ දැමෙනු ඇති බවට පළවන වාර්තාවලින් තමාගේ පරාජයක් පෙන්නුම් නොකෙරෙන බවයි අගමැතිවරයා අවධාරණය කලේ.

COMMENTS