Search

මහින්දගේ ඉල්ලා අස්වීමක් ගැන ඉගියක් ???

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකග බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතු වන ලෙස යි.

මෙම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සිකුරාදා විශේෂ හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

පිහිටුවීමට නියමිත නව රජයේ දළ සැලැස්ම සහ වත්මන් අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන් අනතුරුව නව සර්ව පාක්ෂික රජයක් පිහිටුවන ආකාරය පිළිබඳ මෙම විශේෂ හමුවේ දී සාකච්ඡා කිරිමට නියමිත යි.

මේ අතර සර්ව පාක්ෂික සමුලුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් අදියර දෙකකින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සිකුරාදා පෙරවරු 10 යි 30 ට ආණ්ඩුවේ හිටපු පක්ෂ නායකයින් සමග ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡා කිරීමටයි තීරණය වී ඇත්තේ.

ජනාධිපතිවරයා විපක්ෂයේ පක්ෂ නායකයින් සමග වෙනම සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවත් එම සාකච්ඡාව ලබන සතියේ පැවැත්වෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »