
ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කිරීමට ලක්වූ 62 හැවිරිදි පුද්ගලයා එම සැත්කමෙන් මාස කිහිපයකට පසු මිය ගිය බව වාර්තා වනවා.
ලොව ප්‍රථම වරට සිදු කළ ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම වෛද්‍ය විද්‍යාවේ සංධිස්ථානයක් ලෙසටයි හඳුන්වනු ලැබුවේ.
රික් ස්ලේමන් නම් පුද්ගලයා පසුගිය 2023 වසරේදී වකුගඩු රෝගය හඳුනා ගැනීමෙන් පසු මාර්තු මාසයේදී මැසචුසෙට්ස් රෝහලේදී හිදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක්ව තිබුණා.

කෙසේවෙතත් ඔහුගේ මරණය වකුගඩු බද්ධ කිරීමේ ප්‍රතිඵලයක් මත සිදුවූවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති බව රෝහල අවධාරණය කර තිබෙනවා.
වෛද්‍යවරුන්ගේ නිර්දේශය පරිදි පැය හතරක ශල්‍යකර්මයකට භාජනය ලක්වීමෙන් පසු මැසචුසෙට්ස් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළමනාකරුවෙකු වන ස්ලේමන් අප්‍රේල් මාසයේදී රෝහලෙන් පිටව ගොස් තිබුණා.

ශල්‍යකර්මයෙන් පසු වෛද්‍යවරුන් පැවසුවේ නව වකුගඩුව වසර ගණනාවක් පැවතිය හැකි බව විශ්වාස කළ ද සතුන්ගේ අවයව මිනිසාට බද්ධ කිරීමේදී නොදන්නා බොහෝ දේ ඇති බව පිළි ගන්නා බවයි.
රික් ස්ලේමන් මෙම සැත්කමට දැක්වූ දායකත්වය ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත වකුගඩු රෝගීන්ගේ බලාපොරොත්තුවලට නව ආලෝකයක් වන අතර මෙම ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමට ද සූදානම් බව රෝහල් බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මෙම පුද්ගලයා වසර 11 ක් පුරා වකුගඩු සායනයේ රෝගියෙකු වූ අතර වසර ගණනාවක් දියවැඩියා සහ අධි රුධිර පීඩනය සමඟ පීඩා විඳි ඔහුට 2018 දී මිනිස් පරිත්‍යාගශීලියෙකුගෙන් වකුගඩුවක් ලැබී තිබුණා.
වසර පහකට පසු එය ද අකර්මණ්‍ය වීමේ ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙනුයි මෙලෙස ඌරෙකුගේ වකුගඩුවක් අත්හදා බැලීමක් ලෙස බද්ධ කර ඇත්තේ.