වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව රැකියා අවස්ථා රැසක්

වසර 10ක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස ලක්ෂ 8ක් ඉදිකිරීමට අදාළ ව්‍යාපාතියක් සදහා නව බදවාගැනීම් ආරම්භ කර තිබෙනවා.

ප්‍රාන්තය තුළ පවතින නිවාස අර්බුධයට පිළියම් ලෙස නව නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටයි වික්ටෝරියානු බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රවාහන හා සැලසුම් දෙපාර්තමේන්තුව වෙත අතිරේක කාර්ය මණ්ඩල නිලධාරීන් 90 දෙනෙකු බඳවා ගැනීමට අවශ්‍ය බවයි.

නගර සැලසුම්කරුවන් බඳවා ගැනීම තුළින් කඩිනම් සේවාවක් අපේක්ෂා කරන බවද ජසින්ටා ඇලන් එහිදි සඳහන් කළා.

නව බඳවාගැවීම්වල වෘත්තීය ආරක්ෂාව සහ රැකියා ස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය වගකීමට බැඳී සිටින බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව දැරිය නොහැකි නිවාස මිල ගණන් හේතුවෙන් පීඩා විඳින වික්ටෝරියානුවන් වෙනුවෙන් ඉදිරි වසර 10 තුල සහන අත් කරදීම තම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ප්‍රකාශ කළා.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »