ඔස්ට්‍රේලියාවේ Small Business Champions සම්මාන උලළේ අවසන් 7 දෙනා අතරට ශ්‍රී ලාංකීය සමාගමක්

ඔස්ට්‍රේලියන් Small Business Champions සම්මාන උලළේදී හොදම Food manufacturing company ඛාණ්ඩයේ අවසන් 7 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික හිමිකාරිත්වය සහිත සමාගමකට හැකි වී තිබෙනවා.

Comfy Foods නම් මෙම සමාගම ඔස්ට්‍රේලියාවේ පවතින කුඩා ව්‍යාපාරයක් වන අතර තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ සමාගම් 5500කින් අවසන් සමාගම් 7 අතරට තේරී පත්වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ ඇති එකම ශීත කළ ශ්‍රී ලාංකීය ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාව ලෙස Comfy Foods ප්‍රසිද්ධ වන අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වන Ero සහ Anu විසිනුයි අති සාර්ථකව මෙම ආයතනය පවත්වාගෙන යනු ලබන්නේ.

මෙම කර්මාන්තශාලාව බ්‍රිස්බේන්හි ස්ථාපිතව පවතින අතර වසර 5ක් පුරා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Comfy Foods නිෂ්පාදන ඔස්ට්‍රේලියාව පුරා බෙදා හරිනු ලබන අතර සැම ප්‍රාන්තයක්ම පිහිටි ශ්‍රී ලාංකීය වෙළඳසැල්වලින් එම නිෂ්පාදන මිලදී ගත හැකියි.

අදාළ නිෂ්පාදනවල ගූණාත්මකභාවය මෙන්ම ප්‍රමිති සහතික සියල්ලගෙන්ම සමන්විත අතර උසස් තාක්ෂණය උපයෝගී කරගනිමින් එහි නිෂ්පාදන සිදු කරනු ලබනවා.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »