ලොව ධනවත්ම පුද්ගලයා යන නාමය ඉලොන් මස්ක්ට අහිමි වෙයි

2024 වසරේ අප්‍රේල් මාසය වන විට ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනා පිළිබඳ ෆොර්බ්ස් සඟරාව මගින් නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ලොව ධනවත්ම පුද්ගලයා ලෙසට නම් කර ඇත්තේ ප්‍රංශයේ 74 හැවිරිදි බර්නාඩ් ආර්නෝල්ට් නම් ව්‍යාපාරිකයා යි.

ඇමරිකානු ඩොලර් බිලියන 212යි දශම 4ක වත්කමක් සහිත ඔහු කීර්තිමත් විලාසිතා සහ රූපලාවන්‍ය සන්නාම 70කින් සමන්විත ලොව විශාලතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන Hennessy Louis Vuittonහි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපතිවරයා යි.

මෙතෙක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙසට සැලකුණු ඉලොන් මස්ක් මෙම ශ්‍රේණිගත කිරීම අනුව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඔහුගේ වත්කම සටහන් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 206යි දශම දෙකක් ලෙසටයි.

තුන්වන ස්ථානයට ඇමසන් සමාගමේ හිමිකරු ජෙෆ් බේසස් පත්ව ඇති අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200යි දශම 4ක් ලෙසට වාර්තා වනවා.

ඩොලර් බිලියන 163.4ක් සමගින් ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් 4 වන ස්ථානයට පත්වී තිබෙනවා.

ලොව ධනවත්ම පුද්ගලයන් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ Oracle, Google, Berkshire Hathaway සහ Microsoft සමාගම්වල හිමිකරුවන් පිළිවෙලින් 5,6,7,8,9 සහ 10 ස්ථානවල පසුවනවා.

ෆොර්බ්ස් සඟරාව ප්‍රකාශයට පත් කළ ලොව ඉහළ ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගේ ශුද්ධ වටිනාකම බොහෝ රටවල දළ දේශීය නිෂ්පාදිතය ද ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්.

ෆොර්බ්ස් සඟරාව මෙම ලිපියෙන් ගෝලීය වශයෙන් ඉහළම ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගේ අනන්‍යතාවය හෙළිදරව් කරන අතර, ඔවුන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ, ව්‍යවසායකත්ව කුසලතා සහ ගෝලීය ආර්ථිකයට ඇති ප්‍රබල බලපෑම පිළිබඳව ද කරුණු දක්වා තිබෙනවා.

මෙම ධනවතුන්ගේ වත්කම් පසුගිය මාර්තු මස 8 වනදා වන විට පැවති ආකාරය වන අතර එය විටින් විට උච්චාවචනයට යටත් වන බවයි සඳහන් වන්නේ.

ලොව වඩාත්ම ධනවත් පුද්ගලයන් 10 දෙනා අතර ඇති තවත් විශේෂත්වයක් වන්නේ පළමු තැනට පත්ව සිටින ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් හැර අනෙක් සියලුදෙනා ඇමරිකානු පුරවැසියන් වීමයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »