කොවිඩ් එන්නත නිසා ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව හෙළිවෙයි

කොවිඩ් වෛරස් මර්දනය සඳහා ලබාගත් එන්නත් හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 11,000ට අධික පිරිසක් මිය ගොස් ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

2023 වසරේ දී යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත්තේ ෆයිසර් (Pfizer) එන්නත ලබාගත් පුද්ගලයින් 8,000ක් මිය ගොස් ඇති බවයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් පිරිසෙන් 1,500ක් මියගොස් ඇතැයි සඳහන්.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත බිලියන තුනකට වඩා වැඩි මාත්‍රා ලොව පුරා බෙදාහැර ඇති අතර එය පසුගියදා භාවිතයෙන් ඉවත් කරගැනීමට ද කටයුතු කෙරුණා.

එම පියවරත් සමග ලොව පුරා මේ සම්බන්ධයෙන් යළි කතාබහක් නිර්මාණය වෙමින් අනෙකුත් කොවිඩ් එන්නත්වලට එරෙහිව විරෝධයක් ද මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම සඳහන් කළේ මෙම එන්නත භාවිතයෙන් ඉවත් කර ගනු ලබන්නේ වාණිජමය හේතුවක් මත බවයි.

කෙසේවෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු රුධිර කැටි හේතුවෙන් මියගිය බවට චෝදනා 81ක් පමණක් එල්ලවී ඇති බව සඳහන්.

එමෙන්ම අනෙකුත් එන්නත් හේතුවෙන් පීඩාවට පත් පිරිස මෙයට වැඩි බව ද ඔවුන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »