ශ්‍රී ලංකා රජය තවත් තීරණයක් රිවර්ස් කරයි

ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොකිරීමේ තීරණය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

රට තුළ දැනට පවතින දැවැන්ත විරෝධතා සඳහා අතිවිශාල ජනකායක් සහභාගීවීම සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කලේ.

නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් පසුගිය 18 වනදා පැවසුවේ පොදු ප්‍රවාහනය සහ ගෘහස්ථ කටයුතු හැර අනෙකුත් අවස්ථාවලදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොකිරීමට අවසර දෙන බවයි.

කෙසේවෙතත් කොවිඩ් වසංගත තත්වය මුලුමනින්ම අවසන්වී නොමැති වාතාවරණයකදී ගත් මෙම තීරණය බොහෝ පිරිසකගේ දැඩි විවේච්චනයට ලක්වුණා.

ඒ අනුව ඊයේ පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ තීරණය නැවත සළකා බැලීමට පියවර ගන්නා බවයි.

අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ පෙර පරිදිම සෑම බාහිර අවස්ථාවකදීම මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය බවයි.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »