ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත්වන්නැයි ඔස්ටේ්‍රලියා රජය පුරවැසියන්ට දැනුම්දෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත්වන්නැයි ඔස්ටේ්‍රලියා රජය පුරවැසියන්ට දැනුම්දෙයි

ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත්වන්නැයි ඔස්ටේ්‍රලියා රජය පුරවැසියන්ට දැනුම්දෙයි

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී දැඩි අවදානයකින් කටයුතු කරන ලෙස ඔස්ට්‍රෙලියාව විසින් පුරවැසියන්ට දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රෙලියානු මහකොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත්තේ මෙරට තුළ මේ දිනවල ක්‍රියාත්මක මහජන විරෝධතා සහ ඉන්ධන හා විදුලි විසන්ධි වීමේ ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින්.

ඒ අනුව, රථ වාහන ගමනාගමනයේදී සහ පොදු ප්‍රවාහන සේවාවලදී බාධා එල්ල විය හැකි බවයි මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සිය පුරවැසියන්ට දැනුම්දී ඇත්තේ.

පූර්ව දැනුම්දීම්වලින් තොරවම හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පැණවීම් සිදුවීමේ අවධානමක් පවතින බවයි ඔස්ටේ්‍රලියානු රජය පුරවැසියන්ට දන්වා සිටින්නේ.

https://www.smartraveller.gov.au/destinations/asia/sri-lanka

 

COMMENTS