
පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටැබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය අඩංගු ගුවන් යානා සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ 2021 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ගුවන් මගින් ප්‍රවාහනය කළ බවයි.
ශ්‍රී ලංකන් සමාගම නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වූයේ උගන්ඩා රජය, උගන්ඩා මුදල් නෝට්ටු තොගයක් ආරක්ෂක මුද්‍රණ කටයුතු සිදුකරන ශ්‍රී ලාංකික සමාගමකින් ඇණවුම්කර තිබූ බවයි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ එන්ටැබේ වෙත සිදු කළ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම වාණිජමය ක්‍රියාවලියක් බවත් ඒ හරහා ශ්‍රී ලංකාවට හා සමාගමට විදේශ ආදායමක් ලැබුණු බවත් ශ්‍රී ලංකන් සමාගම අවධාරණය කරනවා.
ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමිනුයි.

ශ්‍රී ලංකා රජයේ ඉහළම නිළධාරින් පිරිසක් විසින් ඩොලර් ඇතුලු සිය වත්කම් උගණ්ඩවට පිටත්කර යවා ඇති බවටයි එම වාර්තාවල සඳහන් වන්නේ.