වසර 02 කට පසු සිඩ්නි ගුවන් තොටුපළේ කාර්ය බහුලම දිනය හෙට – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර 02 කට පසු සිඩ්නි ගුවන් තොටුපළේ කාර්ය බහුලම දිනය හෙට

වසර 02 කට පසු සිඩ්නි ගුවන් තොටුපළේ කාර්ය බහුලම දිනය හෙට

වසර 02 කට පමණ පසු සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්ය බහුලම දිනය හෙට (14) වනු ඇති බවට අනාවැකි පළවනවා.

හෙට දිනයේදී අභ්‍යන්තර ගුවන් ගමන් පර්යන්තය (domestic terminal) හරහා 82,000 කට ආසන්න ගුවන් මගීන් පිරිසක් ගමන් කරනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

2020 වසරේ මාර්තු 06 වනදායින් පසු එක් දිනයකදී ගුවන් මගීන් 80,000 ඉක්මවා භාවිත කරනු ඇති බවට වාර්තා පළවන පළමු දිනයද හෙට වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

වසර 02 ක් තුළල වැඩිම ගුවන් මගීන් පිරිසක් පසුගිය සිකුරාදා දිනයේදී සටහන්වූයේ මගීන් 78,000 ක් ලෙසයි.

සිඩ්නි ගුවන් තොටුපළ බළධාරීන් අභ්‍යන්තර ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් පැය 02 කට හෝ පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙසයි.

COMMENTS