ජනප්‍රිය රැප් ගායකයා ගෝල්ෆේස් විරෝධතාවයේදී මරුට

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව අද 04 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඊට එක්වූ පිරිස් ඊයේ රාත්‍රියේද නිදි වර්ජිතව ගාලු මුවදොර පිටියේ රැදී සිටියා.

රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා.

පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරුද්ධව ගාලු මුවදොර පිටියේ දී මහජනතාව විසින් දියත් කර ඇති විරෝධතාවයට එක් වෙමින් සිටිය දී ඔහු මෙලෙස ජීවිතයෙන් සමුගත්තා.

පාරාදීසේ , මීදුම පිරි සඳපානේ , බඹර පදම් , විසේකාරී වැනි ජනප්‍රිය ගීත බොහොමයක ගායනයෙන් දායකත්වය සැපයූ ශිරාෂ් 1995 වර්ෂයේ සිට ගායන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කල අයෙක්.

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »