වික්ටෝරියා child car seats ගැන භයානක අනාවරණයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා child car seats ගැන භයානක අනාවරණයක්

වික්ටෝරියා child car seats ගැන භයානක අනාවරණයක්

මෝටර් රථවල ළදරු අසුන (child car seats) සවි කිරීම අවස්ථා 10 කින් 09 කදීම වැරදි ආකාරයට සිදුවන බව වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

එමගින් ළමුන්ගේ ආරක්ෂාව බරපතල අවධානම් මට්ටමක පවතින බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම තත්වය වළක්වාලීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 04 ක මුදලක් වැය කර ප්‍රාන්තය පුරා දැනුවත් කිරීම් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

වික්ටෝරියා හි child car seats 9000 ක් සම්බන්ධයෙන් ලද තොරතුරු පාදක කරගනිමින් මෙම අධ්‍යයනය සිදුකර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ සියයට 37 ක්ම නැවත සවි කල යුතු බවයි.

එනම් කිසියම් අනතුරක් සිදුවුවහොත් දරුවාට සිදුවීමට ඉඩ ඇති හානිය 06 ගුණයකින් ඉහළ බව මෙහිදී අනාවරණය කරගෙන තිබෙනවා.

COMMENTS