ස්මාර්ට් දුරකථන භාවිතය නිසා ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන

ස්මාර්ට් දුරකතනවලට ඇබ්බැහි වීම අනුව රටවල් ශ්‍රේණිගත කිරීම් ඇතුලත් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ස්මාර්ට් දුරකතනවලට වැඩි වශයෙන් ඇබ්බැහි වූ රටවල් අතර චීනය පළමු ස්ථානයට පත්ව ඇති අතර එම අගය සියයට 36.8ක් ලෙසටයි සටහන් වී ඇත්තේ.

එම ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙළින් සවුදි අරාබියට සහ මැලේසියාවට හිමිවී තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 11 වන ස්ථානය වන අතර ඔස්ට්‍රේලියානුවන් ස්මාර්ට් දුරකතනවලට ඇබ්බැහිවීමේ අගය සියයට 28.61 ලෙස සඳහන්.

ලොව පුරා විවිධ රටවල්වල ස්මාර්ට් දුරකතන භාවිත කරන ප්‍රජාව ඉලක්ක කරගනිමින් මෙම අධ්‍යයනය සිදු කර තිබුණා.

එම ශ්‍රේණිගත කිරීමට අනුව ඉන්දියාවට 17 වන ස්ථානය හිමිවන අතර එරට ස්මාර්ට් දුරකතන භාවිත කිරීමේ අගය සියයට 27.2ක්.

රටවල් 24ක් අදාළ ශ්‍රේණිගත කිරීමට ඇතුලත් වන අතර කැනඩාව 7 වන ස්ථානයටත්, ඉතාලිය 11 වන ස්ථානයටත්, ඇමරිකාව 18 වන ස්ථානයටත් නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »