අගමැති අද රෑ ජාතිය අමතයි

අද රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සූදානම් වනවා.

රාත්‍රී 07 යි 30 ට එය විකාශය කිරීමට නියමිතයි.

රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් කරුණු දැක්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කලේ.

රට බරපතළ අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති බැවින් , ජාතිය අමතා ප්‍රකාශයක් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ,අගමැතිවරයා අද රාත්‍රියේ මෙම විශේෂ ප්‍රකාශය කරනු ඇතැයි දැනගන්නට ඇත.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »