මැයි 21 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර ඔස්ටේ්‍රලියානු මැතිවරණ කොමිසම විසින් කොවිඩ්-19 ආරක්ෂණ පියවර කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව කොවිඩ් එන්නත් තත්ත්වය නොසලකා ඡන්දය සඳහා ලියාපදිංචි වූ සියලූ ඔස්ටේ්‍රලියානුවන්ට ඡන්දය ප්‍රකාශ කල හැකියි.
තාවකාලික මැතිවරණ සේවකයින්ට කොවිඩ් එන්නත ලබාගත යුතු බවට නීති පැනවිය හැකි බව මැතිවරණ කොමිසම කියාසිටියා.
කොවිඩ් ආරක්ෂක පියවර හේතුවෙන් ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථානවලදී ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුවිය හැකියි.
මැතිවරණ දින පෙරවරුවේ කොවිඩ් සඳහා ධනාත්මක බවට හෙළිවන සහ තවමත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ අය සඳහා දුරකථනයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩපිලිවෙලක් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවද මැතිවරණ කොමිසම සඳහන් කලා.