ශ්‍රී ලංකා ක්‍රිකට් නව ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් පත්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු මෙන්ම ක්‍රීඩකයෙකුද වන ක්‍රිස් සිල්වර්වුඩ් පත්කර තිබෙනවා.

එම පත්වීම වසර 02 ක් සඳහා බලාත්මකයි.

2019 වසරේදී එංගලන්තය ලෝක කුසලානය දිනූ අවස්ථාවේදී එහි පන්දු යැවීමේ පුහුණුකරු ලෙසද කටයුතු කලේ ඔහුයි.

එංගලන්ත ක්‍රීඩා සමාජ කිහිපයක් වෙනුවෙන් ක්‍රීඩා කර ඇති සහ පුහැණුකරුවෙකු ලෙසද කටයුතු කර ඇති ක්‍රිස් සිල්වර්වුඩ් 2017 වසරේදී වසර 25 ක විරාමයකට තිත තබමින් එසෙක්ස් ප්‍රාන්තය ජයග්‍රහණය කරා ගෙනයාමටද සමත්වුණා.

ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් ට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියයි.

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

සිඩ්නි සහ බ්‍රිස්බේන් ගුවන්තොටුපලවලින් මගීන්ට දැනුම්දීමක්

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවයේ ගුවන් ගමන් අවලංගු කිරීම හමුවේ එම ගුවන් යානාවල ආසන වෙන් කර ගත් මගීන්ට අද සහ හෙට ගුවන් තොටුපළට නොයන ලෙසට බ්‍රිස්බේන් සහ සිඩ්නි ගුවන් තොටුපළ දැනුම්දී තිබෙනවා.

Read More »