ලංකාවේ තත්වය ගැන ඔස්ටේ්‍රලියානු මාධ්‍යයත් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ආයතනද අවධානය යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් පළකරමින් 9 News වෙබ් අඩවිය පවසන්නේ ඉතා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා පැවැත්වෙන බවයි.

ඒ සඳහා විශේෂයෙන් තරුණ පිරිසකගේ සහය ඉහළ වශයෙන් ලැබී තිබීම මෙහිදී වැඩි අවධානයට යොමුවී තිබෙනවා.

ආර්ථික අර්බුදය සහ එක පවුලක පිරිසක් විසින් රට තුළ ගෙන යන අදූරදර්ශී පාලනය මෙම සියල්ලට හේතුව ලෙසයි 9 News වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

9 News වාර්තාව පහතින් කියවන්න :

https://www.9news.com.au/world/sri-lanka-protests-the-humanitarian-side-of-the-worsening-economic-crisis/721831f7-ff52-44e4-94a7-244284d052b8

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »