එක රැයින් මෙල්බන් විරෝධයට දහස් ගණනක් ගෙන්වු සැබෑ වීරයා මෙන්න

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඊයේ ලොව පුරා පැවති විරෝධතා අතුරින් වැඩිම ජනතාවක් සහභාගී වී සිටියේ මෙල්බන් Federation Square අසල සංවිධාන කර තිබූ විරෝධතාවටයි.

එය සංවිධාන කිරීමට පුරෝගාමී වී තිබුණේ වසර ගණනාවක් පුරා ඔස්ටේ්‍රලියාව තුළ ජීවත්වන ධනුෂ්ක ප්‍රනාන්දු යි.

ප්‍රසංග සංවිධාන කිරිම වැනි කටයුතුවලදී මෙල්බන් ලාංකිකයන් අතර ජනප්‍රිය චරිතයක් වන ඔහු AusLankaTV අප සමග සංවාදයකට එක්වුණා.

එක ෆේස්බුක් පෝස්ට් එකකින් තමයි මේ වැඩේ සංවිධාන කලේ. කියන්න සතුටුයි කාන්තාවන් 03 දෙනෙකු තමයි මුලින්ම විමසලා ඇහුවේ මේක ගැන…

මම වික්ටෝරියා පොලිසිය – නගර කවුන්සිලය ඇතුලු සෑම වගකිවයුතු තැනකින්ම අවසර අරගෙන මේ විරෝධතාව සංවිධාන කලා….

පැය 24 ක් යන්නට කලින් විශාල ජනකායක් ඒකරාශි වී තිබුණා.

සමාජ ජාලවලින් විශාල සහයක් ලැබුණා කියන්න සතුටුයි

ඇතැමුන් අහනවා මම Use උනාද කියලා.. හැබැයි මම කියන්නේ සංවිධාන ඇතුලු සියලු දෙනාව මම විසින් Use කලා කියලයි.

මේ උද්ඝෝෂණයට ආපු අයගෙන් සියයට 99 ක්ම ආවේ රට වෙනුවෙන් හඩ නගන්න… හැබැයි ඉතාම සුලු පිරිසක් හිටියා ඔවුන්ගේ අරමුණු ඉටු කර ගන්න ආපු අයත්… ඒ සියල්ල මධ්‍යයේ රට ගැන පණිවිඩයක් දෙනන පුලුවන් උනා ඒ ගැන සතුටුයි…