Just In : “ප්‍රසන්න” මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ බලපත්‍රය අත්හිටුවයි

විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ වැල්ලවත්තේ පිහිටි ප්‍රසන්න මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ බලපත්‍රය අද සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින අදාළ සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති බව සඳහන්.

එම විමර්ශනයට අනුව අදාළ සමාගම විසින් ගණුදෙනුකරුවන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත ලබා දී විදේශ මුදල් මිලදී ගන්නා බවත්, එමගින් විදේශ විනිමය පනත යටතේ වන විධානයන් කඩ වන බවටත් නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව අද සිට බලපැවැත්වෙන පරිදි අදාළ සමාගමට බලයලත් මුදල් හුවමාරු කරන්නෙකු ලෙස මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල යෙදීමට තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

මෙම අත්හිටුවන ලද කාල සීමාව තුළ එම සමාගම සමග කරන ඕනෑම ගනුදෙනුවක් විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දන්වා සිටිනවා.

මහ බැංකුව දන්වා සිටින්නේ බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සම්බන්ධයෙන් ස්ථානීය විමර්ශන තීව්‍ර කර ඇති අතර විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති උපදෙස්වලට අනුගත නොවන බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට ද කටයුතු කරන බවයි.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »