Search

බටහිර – දකුණූ ඔස්ටේ්‍රලියා කොවිඩ් රෙගුලාසි තවදුරටත් ලිහිල් කරයි

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි තවදුරටත් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් 02 වන මට්ටමේ පැවති කොවිඩ් නීති 01 වන මට්ටම දක්වා අඩු කර තිබෙනවා.

ඒ යටතේ නිවසේ හැර අනෙක් සෑම ගෘහස්ථ ස්ථානයකම මුව ආවරණ පැළඳීම අඛණ්ඩව අනිවාර්ය වන්නේ වයස අවුරුදු 08 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහායි.

එසේම, පොදු ප්‍රවාහනයේදී, කුලී රථ තුළ, රෝහල්වල සහ ගුවන් තොටුපළ තුලද මුව ආවරණ පැළඳීම අනිවාර්ය වනවා.

මේ අතර පාසල් සහ මගී ප්‍රවාහන සේවකයින්ට කොවිඩ් එන්නත අනිවාර්යෙන් ලබා ගැනීමේ නියෝගය ඉවත් කිරීමට දකුණූ ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොවිඩ් එන්නත් නොලද ගුරුවරුන්ට, පාසල් කාර්ය මණ්ඩලයට, පොදු ප්‍රවාහන සේවකයින්ට සහ කුලී රථ ධාවන රියදුරන්ට රෙගුලාසිවලට යටත්ව නැවත සේවයට පැමිණිය හැකි වනවා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »