ඉදිරි දින කිහිපයේදී නිවු සවුත් වේල්ස් නැවතත් ධාරාණිපාත වැසි සහ ජල ගැලීම්

ඉදිරි දින කිහිපයේදී නිවු සවුත් වේල්ස් උතුරු කලාපයේ නැවතත් ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් ඇතිවිය හැකි බවට අනතුරු ඇගවෙනවා.

සතිය අවසානය වනවිට එය දකුණු ප්‍රදේශය දක්වා ව්‍යාප්ත වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඇතැම්විට මිලිමීටර් 150 පමණ දක්වා වන වැසි ඇතිවිය හැකි බවටද කාළගුණ අංශ පුරෝකථනය කර තිබෙනවා.

මෙම මාසය මුලදී නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට බලපෑ දරුණු ජල ගැලීම් හේතුවෙන් පුද්ගල මරණ 22 ක් වාර්තාවී තිබුණා.

නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 22,000 ක් පමණ ජලයෙන් යටවූ අතර ඉන් 5000 කට පමණ හානි සිදුවී තිබුණා.