ඔස්ටේ‍්‍රලියා ක්‍රිකට් කණ්ඩායම ජූනි මාසයේ ශ්‍රී ලංකාවට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ‍්‍රලියා ක්‍රිකට් කණ්ඩායම ජූනි මාසයේ ශ්‍රී ලංකාවට

ඔස්ටේ‍්‍රලියා ක්‍රිකට් කණ්ඩායම ජූනි මාසයේ ශ්‍රී ලංකාවට

දීර්ඝ තරග සංචාරයක් වෙනුවෙන් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජූනි මාසයේදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

විස්සයි විස්ස තරග 03 ක් / එක්දින තරග 05 ක් / හා ටෙස්ට් තරග 02 ක් තරගාවලියට ඇතුලත්.

විස්සයි විස්ස තරගාවලිය ජූනි 07 වනදා සිට ආරම්භ වන අතර පලමු තරග දෙක කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදිත් තුන්වන විස්සයි විස්ස තරගය මහනුවර පල්ලේකැලේ පිටියේදිත් පැවැත්වෙනු ඇති.

එක්දින තරග 05 න් මුල් තරග දෙක පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන අතර සෙසු තරග 03 කොළඹ ආර්ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගනයේදි පැවැත්වෙන අතර එය ආරම්භ වන්නේ ජූනි 29 වනදායි.

COMMENTS