Search

ඔස්ටේ්‍රලියා සරණාගතයන් වසරකට 150 ක් බැගින් නවසීලන්තයට

දැනට ඔස්ටේ්‍රලියානු රැඳවුම් කඳවුරුවල සිටින සරණාගතයන් වසරකට 150 දෙනෙකු බැගින් භාරගැනීමට නවසීලන්තය කැමැත්ත පළකර තිබෙනවා.

ඒ වසර 10 කට ආසන්න කාලයක් පුරා ඇණහිට පැවති එකගතා ගිවිසුමක් ක්‍රියාත්මක වීම ආරම්භ කරමින්.

ඔස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෲස් සහ නවසීලන්ත සංක්‍රමණ අමාත්‍යවරිය විසින් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

වසර 03 ක් පුරා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති.

දැනටමත් රැඳවුම් කඳවුරුවල සිටින පුද්ගලයන්ට පමණක් මෙය බලාත්මක වන අතර අනාගතයේ සරණාගතයන් ලෙස පැමිණෙන කිසිවෙකුටත් එය අදාළ වන්නේ නැහැ.

එමෙන්ම සරණාගතයන් පිළිබඳ ඔස්ටේ්‍රලියානු රජය දරන ස්ථාවරය අඛණ්ඩව පවතින අතර එය කිසිදු අයුරකින් ලිහිල් කිරීමක් සිදුකර නොමැති බවයි සංක්‍රමණ අමාත්‍ය කැරන් ඇන්ඩෘාස් අවධාරණය කර සිටියේ.

බෝට්ටු මගින් නීති විරෝධීව පැමිණෙන කවරෙකු හෝ ආපසු හරවා යැවීමට හෝ නාවුරු දූපතේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීම අනිවාර්යයෙන් සිදුවන බවයි ඇය සඳහන් කලේ.

https://twitter.com/ElizaEdNews/status/1506814298252709889?s=20&t=7jwiCyGHF7I_8WJ1I2amYw

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »