දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ අත්‍යවශ්‍ය නොවන Elective සැත්කම් අත්හිටුවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ අත්‍යවශ්‍ය නොවන Elective සැත්කම් අත්හිටුවයි

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ අත්‍යවශ්‍ය නොවන Elective සැත්කම් අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ අත්‍යවශ්‍ය නොවන Elective සැත්කම් අත්හිටුවා තිබෙනවා.

ප්‍රාන්තයේ නව අගමැති පීටර් මලිනොස්කස් පැවසුවේ රෝහල් පද්ධතිය කඩාවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගත් බවයි.

ඊයේ දිනයේදී දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 3600 කට වැඩි පිරිසක් වාර්තා වූ අතර දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 11 ක්.

ඔමික්‍රොන් වෛරසයේ නව ප්‍රභේදයක් මීට හේතුවී තිබෙනවා.

මේ අතර ප්‍රාන්තය තුළ බලාත්මක කොවිඩ් නීතිවල සංශෝධනයක් සිදු කිරීම කෙරෙහි තම අවධානය යොමුවී ඇති බවයි නව අගමැතිවරයා කියාසිටියේ.

COMMENTS