කොවිඩ් ආසාධිතයන්ගේ සමීපතමයන්ට බලාත්මක හුදකලා නීති වෙනස් කිරීම පිළිබඳව වික්ටෝරියා ප්‍රාන්ත රජය සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඉතා කඩිනමින් එම සංශෝධන කවරේදැයි හෙළිකල හැකි බවයි වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ.
බොහෝදුරට දැනට පවතින දින 07 ක හුදකලා කාලය තවත් අඩු කිරීම මෙහිදී සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.
ඒ වෙනුවට රැපිඩ් පරීක්ෂණයක් පමණක් හඳුන්වාදෙනු ඇති බවටද අනාවැකි පළවනවා.
ආසාධිතයන්ගේ සමීපතමයන්ට බලාත්මක හුදකලා නීති වෙනස් කිරිමට ජාතික කැබිනෙට්ටුවද සති 02 කට ඉහතදී අනුමැතිය ලබාදුන්නා.