සමාජ මාධ්‍ය කැලඹු යතුරු පැදි සවාරියේ ඇත්තම කථාව මෙන්න

පුද්ගලික යතුරු පැදි සමාජයක් විසින් සංවිධාන කරන ලද යතුරුපැදි සවාරියකට පොලිස් ආරක්ෂාව දීම හා එල්ල වූ මහජන විරෝධය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාල යතුරුපැදි සමාජය විසින් මහරගම අපේක්ෂා රෝහල හා කල්පිටිය ප්‍රදේශයේ පාසල් පොත් බෙදාදිමේ වැඩසටහනකට සමගාවීම යතුරුපැදි සවාරියක් පැවැත්විමට පොලිසියෙන් අවසර ඉල්ලා තිබු බවයි.

මීරිගම සිට කල්පිටිය හරහාත් ඉන් පසු අනුරාධපුරය දක්වාත් ගමන් කිරීමට ඔවුන් අවසරය ඉල්ලා තිබුනා.

ලියාපදිංචි පුද්ගලික සංවිධානයක් වීම හා සමාජ සේවා කාර්යයක් බැවින් නීත්‍යානුකුළ ඉල්ලිමක් සැලකිල්ලට ගෙන රජයේ ගාස්තු අයකිරීමෙන් පසු ඒ සදහා කොන්දේසි සහිතව අවසර දුන් බවද පොලිස් මූලස්ථානය සදහන් කළා.

කෙසේ වෙතත් මේ පිළිබද මහජනයාගෙන් එල්ල වු විරෝධය හා කොන්දේසි වලට පටහැනිව කටයුතු කිරීම නිසා කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා පැවැත්විමට නියමිතව තිබු යතුරුපැදි සවාරිය නතර කළ බවද අදාල නිවේදනයේ සදහන්.

අදාල යතුරුපැදිකරුවන් නීතියට පටහැනිව කටයුතු කර තිබේ නම් ඊට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය අවධාරණය කළේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »